දේශීය පුවත්

ඡනාධිපති අපේක්ෂකත්වය ලැබුණු දා සිට සජිත් පේ‍්‍රමදාස කකුල කටේ දාගත් අයකුසේ බොළද කතා පවසමින් කටයුතු කරන බවත් මෙවැනි දැක්මක් නැති නායකයකුට රට ඉදිරියට ගෙන යෑමට නොහැකි බවත් ඵක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ගේ දැඩි ඉල්ලීම නිසා ඔහුට එජාපයේ අපේක්ෂකත්වය ලබා දුන් බවත් ඵක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

ඵ් මහතා මේ අදහස් පළ කළේ පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවකට ඵක්වෙමිනි.

ඵක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතාගේ සංවිධායකත්වයෙන් මෙම ජනහමුව පැල්මඩුල්ල ගොඩගම දී පොදුජන පෙරමුණ කාර්යාලයේ දී පෙරේදා (06 දා) සවස පැවැත්වුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා පැවසුවේ මේ දිනවල සජිත් නොයෙක් දේ ප‍්‍රකාශ කරමින් රට වටේ යනවා නිවාස හැදීම පිළිබඳ පමණක් පාර්ලිමේන්තුවේ කතා කළ සජිත්ට රටේ වෙන කිසිම දෙයක් පිළිබඳව අවබෝධයක් නෑ රටේ නායකයා වෙන්න තරග කරන අපේක්ෂකයා රටේ සෑම ක්‍ෂේත‍්‍රයක් පිළිබඳව අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනි දැන් ඡනතාව අතරට ඇවිල්ල කියනව මම ජනතාව සමග පාරේ ඇවිදින්න වුණත් සුදානම් කියල මම මේ ඇඳුමෙන්ම ජනතාව ළඟට ඵනව කියලත් කියනව මේ සියලල්ම මම කියන්නෙ මගෙ ශ‍්‍රී මුඛයෙන් බවත් කියමින් බොළද කතා පවසන මේ තත්ත්වය රනිල් අවබෝධකරගත් නිසා අපේක්ෂවත්වය නොදී සිටීමට කටයුතු කළා. නමුත් ඵක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා නැවත අපේක්ෂකත්වය ලබා දුන්න අපේක්ෂකත්වය දුන්නට රනිල් දන්නව සජිත්ට මේ කිසිම දෙයක් පිළිබඳව අවබෝධයක් නෑ කියල සෑම අතින්ම විනාශ වුණු රට හදන්න නිවැරදි දැක්මක් ඇති නායකයෙක් රටේ ජනතාව ඉල්ලන්නෙ ඵවැනි බුද්ධියක් ඇති ඵකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බවට අද පත්වෙලා ඉවරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More