දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා (7 වැනිදා) සහ ඊයේ (8 වැනිදා) පැවැත් වූ සාකච්ඡා වට කීපයකින් පසු තීන්දු කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය උදෙසා අනුරාධපුරයේදී අද (9දා) පැවැත්වෙන මංගල රැලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත‍්‍රීවරු බහුතරයක් නිසැක වශයෙන්ම එක්වන බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් අප වෙත පැවසීය.

මෙයට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන් හා හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද විශාල පිරිසක් ද ඊට එක්වනු ඇතැයිද සඳහන් කළේය.

ඉන්පසු දිස්ත‍්‍රික්ක මට්ටමින් පැවැත්වෙන රැලිවලදී ඒ ඒ දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ශ‍්‍රී. ල. නි ප. පළාත් පාලන මන්ත‍්‍රිවරුන් සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළ කළ යුතු බවට ශ‍්‍රී. ල. නි. ප මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයට අනුව එම මන්ත‍්‍රීවරු මෙලෙස එක්වෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැලිය අද (9දා) පස්වරු 2 ට අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම මංගල රැලියට හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, යන මහත්වරුන් ප‍්‍රධාන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයෝ සහභාගි වෙති.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝසමිඳුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පස්වරුවේ පැවැත්වෙන ජන රැලියට එක්වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More