දේශීය පුවත්

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද(08) ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැති පක්ෂ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එළඹෙන ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදෙන්නේද යන්න පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතරයි.

අනතුරුව අද පස්වරුවේ තවත් සාකච්ඡාවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදී පැවැත්විය.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසා සිටියේ, ගන්නා තීරණය ගැන ජනාධිපතිවරයා හෙට දිනයේ දී දැනුවත් කරනු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන අදහස් නොමැති බවද පැවසු මන්ත්‍රීවරයා, අවසන් එකඟතාවයන් අද දින සවස ගන්නා බවත් පැවසීය.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, මාධ්‍යයට ඇති හදිසියට තමාට ද ඇති බවයි.

නමුත් එය පවසා ගැනීමට නොහැකිව සිටින බවත් කියා සිටි ඒ මහතා, කොතැනකවත් ‍හිරවී නොමැති බවත් සංවිධායකවරු දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් පැවසු දයාසිරි මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගනුදෙනුවක්‍ නොමැති බවත් පැවසීය.

පොහොට්ටුවට නොව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන බව මන්ත්‍රීවරයා අවසානයේ දී කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය සම්බන්ධයේන පාර්ශ්ව කිහිපයක් ද අදහස් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More