දේශීය පුවත්

මෙවර පැවත්වෙන ජනාධිපතිවරනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ජනාධිපතිවරනය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් විමසීමේදීය.

එහිදී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා වැඩි දුරටත් කියා සිටියේ ටෙලෝ සංවිධානය පක්ෂයක් ලෙසින් මෙවර ජනාධිපතිවරනයට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවට තීරණයක් ගත් අවස්ථාවක එම තීරණයන්ට එපිටින් ගොස් ජනාධිපතිවරණයට ඇපමුදල් තැන්පත් කිරීම පක්ෂයේ විනය කඩකිරීමක් බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදු කිරීමට නියමිත බවටත් එහිදී වැරදී කරුවෙකු වුවහොත් සිවාජිලිංගම් මහතා පක්ෂයෙන් නෙරපා දැමීමටද පියවර ගන්නා බවටයි.

තමන් පක්ෂයේ විනය කඩකිරීමක් සිදු නොකළ බවටත් තමන් පක්ෂය වෙනුවෙන් පෙනී නොසිට ස්වාධීන අපෙක්ෂකයෙකු ලෙසින් ජනාධිපතිවරනය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More