දේශීය පුවත්

රි ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා , බෙල්ලන්විල විහාරස්ථානයේ සහ පැපිලියාන සුනේත්‍රා දේවි විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහන්වලට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත පැමිණ ප්‍රථමයෙන්ම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දුටුවේය.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරස්ථානයේ සංවිධාන කර තිබූ ආශිර්වාද පූජාවට සහභාගි විය.

මෙහිදී අදහස් දක්වමින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානෙය් විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා යනු වැඩ කරන කෙනෙක් බවයි.

විරුද්ධවාදීන්ට මෛත්‍රී වැඩීමට අපි පවසන බවත් කියා සිටි උන්වහන්සේ, භික්ෂුන් වහන්සේලාට වුවත් එම කර්තව්‍ය ඉතා අසීරු බව පැවසීය.

එනිසා පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙට්ටු දැමු දෙදෙනාට නම් මෛත්‍රී වැඩීම හරිම අමාරුයි යනුවෙන් පැවසු විහාරාධිපති හිමියන්, නමුත් ඔවුන්ටත් මෛත්‍රීය වඩන බවත් කියා සිටියේය.

අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද සිදුකරනු ලැබීය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයට පැමිණ පිරිත් සජ්ඣායනාවටද සහභාගි විය.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් කථා කළ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ, පරිවේණාධිපති, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියේ, හෙට දිනයේ දී ආරම්භ කරන්නේ ඔබ තුමා වෙනුවෙන් යන ගමනක් නොවන බවත් පැවසීය.

මුළු මහත් රටම ඉල්ලා සිටින රටේ අනාගතය තීරණය වන අවස්ථාවක් ඉදිරියේ දී ඇති වන බවත් පැවසු උන්වහන්සේ, දුෂ්ට බලවේගවලින් ගැලවී රටට සෙතක් උදා කරලීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවට කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More