පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට අද (08) දින සභාවට යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණයක් අනුව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ඇත.
ඒ අනුව 23 වැනිදා සභාවාරය උදෑසන 10.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් මස පළමු වැනි රැස්වීමේ සතියේ පළමු දිනය වන අද දින න්‍යාය පත්‍රය අනුව 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනතට සංශෝධනයක් ගෙනඒමට නියමිතය.
මීට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණය තුළ අද දින රැස්වෙන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට සුරාබදු දෙපාර්තමේන්තුව කැඳවා තිබේ.
මේ අතර ලබන 23 වැනිදා රැස්වෙන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කැඳවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...