දේශීය පුවත්

රු කන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ව සිටි කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන්වහන්සේ අපවත්වීම සමග විහාරස්ථානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නඩු සියල්ල පවත්වාගෙන යෑමට නොහැකිව අහෝසිවී ඇත.
ඒ අනුව අද(07) වවුනියාව මහාධිකරණය හමුවේ එම විහාරස්ථානය සම්බන්ධයෙන් වූ ප‍්‍රතිශෝධන ඉල්ලීමක් හා අභියාචනයක් විභාගවීමට නියමිතව තිබුණද, එය අහෝසිවී ගොස් තිබේ.

මෙම විහාරස්ථානයේ කිසිදු ඉදිකිරීමක් නොකරන ලෙස අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර එම නියෝගය මේ අනුව අහෝසී වී ගොස් ඇති බව එම නඩුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ රෝහණ තල්පාවිල මහතා පැවසීය.

ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර පුවරු පවා සවි කර ඇති මෙම විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීම පුරා විද්‍යා නිධාරීන්ගේ වගකීමක් බව එම දායක සභාවේ නියොජිතවරු කියාසිටියහ.

එසේ නීතියට අනුව කටයුතු කිරීම හරහා මෙම විහාරස්ථානය ආරක්ෂා කරදීමටත් එහි අනාගතයේ හෝ ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කරන ලෙස මෙහිදී දායක සභාවේ නියෝජිතවරු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More