දේශීය පුවත්

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද(07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඒ අතරින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නොමැත.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඊට පිළිගත් දේශපාලන පක්ෂ 19ක, ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් පක්ෂ 03ක අපේක්ෂකයින් ඒ අතරට අයත්.

ඔවුන්ගේ නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 9.00 ට ආරම්භ වුණේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදීම සිදුකෙරුණි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක ලැයිස්තුව පහතින් දැක්වෙයි.

සමරවීර වීරවන්නී

ජයන්ත කැටගොඩ

බත්තරමුල්ලේ සීලරතන හිමි

අජන්තා විජේසිංහ පෙරේරා මිය

සමන්සිරි හේරත්

ඒ.එස්.පි. ලියනගේ

එම්.කේ. සිවාජිලිංගම්

සමන් ප්‍රසන්න පෙරේරා

සිරිපාල අමරසේන

බැද්දේගමගේ නන්දමිත්‍ර

සරත් විජිතකුමාර කීර්ති රත්න

අශෝක වඩිගමංගාව

දුමින්ද නාගමුව

ප්‍රියත් මුනියන් එදිරසිංහ

ආරියවංශ දිසානායක

අජන්ත ද සොයිසා

චමින්ද අනුරුද්ධ

මිල්රෝයි ප්‍රනාන්දු

අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි

රොහාන් පල්ලේවත්ත

නාමල් රාජපක්ෂ

අපරැක්කේ පුන්‍යානන්ද හිමි

වජිරපානි විජයසිරිවර්ධන

අනුර කුමාර දිසානායක

අරුන ද සොයිසා

එම්.එල්.ඒ. හිස්බුල්ලා

ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ්

බසීර් සේගුදාවුද්

පියසිරි විජයනායක

රජිව් විජේසිංහ

සරත් මනමේන්ද්‍ර

සුබ්‍රමනියම් ගුණරත්න

සජිත් ප්‍රේමදාස

ගෝඨාභය රාජපක්ෂ

මහේෂ් සේනානායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More