ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, මාලිමාව ලකුණ යටතේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද මැතිවරණ කොමිෂන් සභාව අද (07) පිළිගත්තේය.
මේ අතර ස්වාධීන අපේක්ෂකයින් ලෙස නාමයෝජනා භාරදුන් එම් කේ ශිවාජිලිංගම් හා එම් එල් ඒ එම් හිස්බුල්ලාට එරෙහිව අද විරෝධතා ගොනු කර තිබේ. ශිවාජිලිංගම්ට එරෙහිව විරෝධතා ගොනුකර තිබුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසිනි.
එම් එල් ඒ එම් හිස්බුල්ලාට එරෙහිව සරත් මනමේන්ද්‍ර විරෝධතා ගොනු කළ අතර එම විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...