දේශීය පුවත්

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද(07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය.

එමෙන්ම අපේක්ෂකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඒ අතරින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නොමැත.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඊට පිළිගත් දේශපාලන පක්ෂ 19ක, ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් පක්ෂ 03ක අපේක්ෂකයින් ඒ අතරට අයත්.

ඔවුන්ගේ නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 9.00 ට ආරම්භ වුණේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදීම සිදුකෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More