ව්‍යාපාරික පුවත්

අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනය නිසා දුම්රිය මාර්ගවලට ආසන්න මාර්ගවල ධාවනය වන බස්රථවල දෛනික ආදායම සියයට පනහකින් පමණ වැඩිවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

දුම්රිය වර්ජනයක් අඛණ්ඩව කි‍්‍රයාත්මක වුවද දුම්රියෙන් ගමන් කරන්නේ සමස්ත මගීන්ගෙන් සියයට පහක් වැනි සුළු පිරිසක් බවත් ඒ මහතා සඳහන් කළේය.

දුම්රිය වර්ජනය නිසා පෞද්ගලික බස්රථ 19,000 ක් පමණ සහ ලංගම බස්රථ 5000 ක් පමණ සේවයට යොදවා තිබීම නිසා දුම්රිය වර්ජනයක් පැවැතියත් ජනතාව රාජකාරි ඇතුළු එදිනෙදා අවශ්‍යතා සඳහා වාර්තා කිරීමට හැකිවී තිබෙන බව රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෙතින් වාර්තා වී තිබෙන බවද ඔහු කීවේය.

පෞද්ගලික බස්රථ තම කාර්යයන් නිසි ලෙස ඉටුකළත් රජයෙන් පෞද්ගලික බස් කර්මාන්තයට කිසිදු සහනයක් නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය. අවම වශයෙන් පෞද්ගලික බස්රථ වලින් මාසයකට කප්පම් වශයෙන් විවිධ පාර්ශ්ව ලබාගන්නා රුපියල් කෝටි 20 ක පමණ මුදල නවතා දැමීමට පියවරක් ගෙන නැතැයි ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More