ව්‍යාපාරික පුවත්

ගෑස් මිල අඩුවූයේ පාරිභෝගික අධිකාරිය සමඟ ඇතිකරගත් මිල සූත‍්‍රය මත බවත් එම මිල සූත‍්‍රය මාස දෙකකට වරක් සංශෝධනය වන බවත් ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් 04 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 240 කින් මිල අඩුකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මස දක්වා පැවැත්වෙන බවත් නැවත වරක් ඉදිරි මාස දෙක සඳහා මිල සංශෝධනයක් සිදුවන බවත් ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

මෙම මිල සූත‍්‍රය අනුව ලෝක වෙළෙඳපොළේ සිදුවන එල්. පී. ගෑස් මිල ගණන් ඉහළ පහළ යෑම මත දේශීය වෙළෙඳපොලේ ගෑස් මිල සංශෝධනය වන බවත් එමගින් පාරිභෝගිකයාට විශාල ප‍්‍රතිලාභයක් හිමිවන බවත් ලිට්රෝ ගෑස් සමාගම ප‍්‍රකාශ කර සිටියි.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ එල්. පී. ගෑස් මිල අඩු මට්ටමක පැවැතියද මෑතකදී සවුදි ඇරමිකෝ සමාගමට එල්ලවූ ප‍්‍රහාර හේතුවෙන් ගෑස් මිල ඉහළ යනු ඇතැයිද එය නොවැම්බර් මාසයේදී මිල සංශෝධනය සඳහා බලපානු ඇතැයිද ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More