දේශීය පුවත්

මෙරට 7 වන ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද(07) සිදුකිරීමට නියමිතයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුකිරීමට නියමිතයි.

ඇප මුදල් තැන්පත් කර ඇති සියලුම අපේක්ෂකයින්ට අදාළ කාලය තුළ නාමයෝජනා භාරදීමේ හැකියාව පවතින අතර එලෙස භාරදෙන නාමයෝජනා වෙනුවෙන් විරෝධතා දැක්වීම සදහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

නාමයෝජනා භාරගැනීම හේතුවෙන් රාජගිරිය සහ ඒ අවට පාසල් කිහිපයක් වසා තැබෙන අතර රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේ බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශවලට අයත් සියලු පාසල් සහ ශ්‍රි ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ, හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය මෙලෙස වසා තැබෙනු ඇත.

‍රථ වාහන හැසිරවීමේ රාජකාරී කටයුතු සදහා පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසක් සහ ආරක්ෂක රාජකාරී කටයුතු සදහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ද ආරක්ෂක රාජකාරී කටයුතු සදහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.

නාමයෝජනා භාරගැනීමේ කටයුතු අතර තුර රථ වාහන පෙලපාලී සහ පුද්ගල පෙලපාලී සම්පූර්ණයෙන්ම තහනම් වන අතර කටඅවුට්, බැනර්, පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කිරීම ද තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වු අතර අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත අතර මෙවර ඡන්ද විමසීමේදි ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් එක්කෝටි පනස් නම ලක්ෂ අනු දෙදහස් අනු හය දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More