දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීම අද (07) පෙරවරුවේ සිදු කිරීමට නියමිව තිබේ.

ඉකුත් සෙනසුරාදා රාතී‍්‍රයේ රැස් වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ අදාළ තීරණය ගැනීමේ බලය පක්ෂ නායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලබාදීමටයි.

ඒ අනුව මුලින් ප‍්‍රකාශ වී තිබුණේ අදාළ තීරණය ඊයේ (06) දිනයේ ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි. එහෙත්, නිරාකරණය කරගත යුතු ගැටලූ කිහිපයක් පැවතීම හේතුවෙන් එම තීරණය ප‍්‍රකාශ කිරීම අද දිනය තෙක් කල් දැමුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියා සිටියේ බොහෝදුරට අද පෙරවරුවේ පක්ෂයේ නිල තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි.

මේ අතර ඇතැම් වාර්තාවල දක්නට ලැබුණේ ජනාධිපතිවරණයේදී, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීමටත්, පසුව මහමැතිවරණයේදී පොදු ලකුණකින් තරග වැදීමටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟවී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More