දේශීය පුවත්

1956 සමාජ පෙරළියට මුල්වූ දස පනත නම් වූ දසවැදෑරුම් ප්‍රතිපත්තිමය රාමුව ප්‍රතිනිර්මාණය කරමින් රටට ඉදිරිපත් කරනු ලබන නූතන දස පනත හෙවත් “ සම්මුතියේ මාලිමාව ” සැප්තැම්බර් 16 වැනි දින බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක් විය.

නූතන දස පනත නම් වූ දාර්ශණික සහ සංකල්පීය රාමුව මත සම්මුතියේ මාලිමාව නමින් උපාය මාර්ගික වැඩ පිළිවෙලක් සහ ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් ඉදිරිපත් කිරීමට ප්‍රභල දායකත්වයක් සපයා ඇත්තේ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ය.

අනාගත පාලකයා විසින් ක්‍රියාවට නැංවිය යුතු උපායමාර්ගික රාමුවක් තුළ ඉදිරිපත් කෙරෙන එම යෝජනාවලිය විද්වත් භික්ෂු සංසදය විසින් පත් කරන ලද මහජන කොමිසමක් විසින් සකස් කරන ලද්දකි. එම මහජන කොමිසම විසින් මාස 02 කට අධික කාලයක් පුරා මහා සංඝරත්නයෙන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් ජාතික සංවිධාන නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු මහජනතාවගෙන් අදහස් සහ යෝජනා ලබාගෙන ඇත. ඊට වාචිකව මෙන්ම ලිඛිතව අදහස් සහ යෝජනා දහස් ගණනක් ලැබුණු බව අප කළ විමසීමකදී  එම කොමිසමේ ලේඛකාධිකාරී පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝ පවසා සිටිියහ.

එම කොමිසම විසින් දස පනත නමින් ඉදිරිපත් කරන ලද දස වැදෑරුම් දාර්ශණික පදනම සහ සංකල්පීය රාමුව මහපොළොවේ යතාර්ථයක් බවට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික සහ ප්‍රතිපත්තිමය යෝජනා මාලාවක් සම්මුතියේ මාලිමාව නම් වූ කොමිසම් වාර්තාවට ඇතුළත් කොට ඇති බවත් මහානායක හිමිවරුන් සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම විද්වතුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සදහා මෙම වාර්තාව පිළිගැන්වීමට විද්වත් භික්ෂු සංසදය කටයුතු කරන බවද ධම්මිස්සර හිමියෝ වැඩිදුරටත් පවසා සිටියහ.

නූතන දස පනත හෙවත් “ සම්මුතියේ මාලිමාව ” පසුගිය (05) වනදා මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයට පිළිගැන්වූ අතර එම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි ඇතුළු විද්වත් භික්ෂු සංසදයේ නයෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More