දේශීය පුවත්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් තුන්දහසක් (3000) සේවයෙන් ඉවත් කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් ලෝක කම්කරු සංවිධානය ඇතුළු කම්කරු සංවිධාන කීපයකට සහ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කළ බවද දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ පවසයි.

වැඩවර්ජනය නිසා සේවයට වාර්තා නොකළ දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු තුන්දහසකට පමණ සේවය අතහැර ගියාසේ සලකා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලිපි යවා ඇත.

සිය වෘත්තීය ගැටලුව විසඳීමට රජය අවධානය යොමු නොකිරීම මත වැඩ වර්ජනය තවදුරටත් සිදුකිරීමට තීරණය කර ඇත.

තමන් සේවයෙන් පහ කිරීම නිසා රාජකාරියට යළි වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි දුම්රිය රියැදුරු සංගමයේ සභාපතිවරයා පවසයි.

රජයට අවශ්‍යවී ඇත්තේ මෙම වර්ජනය දිගටම පවත්වාගෙන යන්න, විසඳුමක් නොදන්නේ ඒ නිසා. මේ ගැටලුව පිළිබඳව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කළා. දුම්රිය ගැටලුව විසඳන ලෙස ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයාට, වැටුප් කොමිසමට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා යවනවා’’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තීය සංගම් පහක් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනයට අද (07 වැනිදා) දින දොළහකි.

වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (06 වැනිදා) ධාවනය වූයේද සීමිත දුම්රිය සංඛ්‍යාවක් පමණි. දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන සිටින තමන්ට අමතර මුදලක් ගෙවා බස්රථවල ගමන් කිරීමට සිදුවී ඇතැයිද දුම්රිය මගීහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More