ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකළ පෙත්සම එක්සත් ජාතික පක්ෂය විසින්ම සජිත් ප්‍රේමදාසට අටවපු උගුලක් බවට තොරතුරු මේ වන විට හෙළිවී තිබේ.
නඩුව ගොනු කිරීම මුළුමනින්ම ඉතා සැලසුම් සහගතව වික්‍රමසිංහ පාර්ශවය විසින් දියත් කරන ලද්දක් බව හෙළිවී තිබේ. මෙම පෙත්සම ගොනු කළ ගාමිණී වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉතා සමීපව කටයුතු කරන අතර පසුගිය දිනවල ඔවුන් අරලියගහ මන්දිරයට පැමිණ ඇත.
ඊට අමතරව මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක් වන අතර ඔහු වික්‍රමසිංහ මහතාගේ කාලයේද නීතිඥ ලෙස කටයුතු කරන බවද වාර්තා වේ.
මෙම පෙත්සම සම්බන්ධයෙන් පසුගිය සතිය පුරාම අරලියගහ මන්දිරයේ දී නීතිඥයන් කැඳවා විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තාවේ. ගෝඨාභය රාජපක්ෂගේ මෙරට පුරවැසිභාවය අභියෝග ලක් වීමෙන් ඇති වන ප්‍රතිඵලය ඔස්සේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ව්‍යාපාරය ඉදිරි ගමන මුළුමනින්ම වළකාලීම සිදුකළ හැකි බවටද මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව වික්‍රමසිංහ පාර්ශවය තුලින්ම එම සැලසුම දියත් කෙරිණ. ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණයට ගියේ එහි ප්‍රතිඵලයක් හැටියට බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...