ඉදිරි ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනා පත‍්‍රයට අද (06) අත්සන් තැබීමට නියමිතව තිබේ.
නුගේගොඩ පිහිටි එම මහතාගේ නිවසේදී ඔහු සිය නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබීමට නියමිතය. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ද එම අවස්ථාවට එක්වීමට නියමිතව තිබේ.
මේ අතර, ලොව එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ගේ බිරිඳ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වේදිකාවට එක්විය.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති වතුකරයේ තරුණ තරුණියන්ගේ ගැටලු ගැන සාකච්චා කරන වැඩසටහකට ඇය මෙසේ එක්විය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ‘වියත්මග’ වේදිකාවට පසුගියදා මුත්තයියා මුරලිදරන්ද එක්විය.
මුරදිදරන් නුවරඑලිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් දේශපාලනයට පිවිසෙන බවට මෑතකදී වාර්තා පලවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...