දේශීය පුවත්

රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් ලබන 09 වැනිදා (බදාදා) අනුරාධපුරයේදී අත්සන් කිරීමට නියමිතය. එක් ගිවිසුමක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතරද අනෙක් ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතරද අත්සන් කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් අතර අද (05 වැනිදා) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇතැයි වාර්තාවේ.

ඒ අනුව ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හිමිවනු ඇති අතර ඉන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ, එක්ව පුටුව ලකුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

දෙපාර්ශ්වය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවන අතර ඊට අදාළ ගිවිසුම ලබන බදාදා අනුරාධපුරයේදී අත්සන් කෙරෙනු ඇතැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More