එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ඇත.
අද රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය.
ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ඇත.
එසේම හෙට උදෑසන 11ට මාධ්‍ය හමුවක් පවත්වා පක්ෂයේ ජ්‍යෙෂ්ධයින් විසින් ජනාධිපතිවරයා විසින් ගනු ලබන අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද අද පැවැත්වු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...