දේශීය පුවත්

ඔක්තෝබර් 15 සිට 25 දින අතර කාල පරාසය තුළ කිතුනු දේවස්ථාන වෙත හිංසාකාරී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජාතික බුද්ධි අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම තොරතුර ලැබීමත් සමඟ ජාතික බුද්ධි අංශය මෙහෙයවීමෙන් කිතුනු දේවස්ථාන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අනුයුක්ත කොට විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් දියත් කිරීමට ද ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග උපදෙස් දී ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට අදාළ පුවත සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු අපට පැවසුවේ මෙම පැමිණිල්ල සත්‍ය බවය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ලද තොරතුරට අදාළව විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර ඇති අතර යට කී දිනවලදී කිතුනු දේවස්ථාන වෙත දැඩි ආරක්ෂාවක් යෙදවීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යොදවා තිබෙන බවද මේජර් ජනරාල් අතපත්තු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More