දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ යෝජනාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම වෙනස්කර මැතිවරණයට ඉදිරිපත් වීමට පොහොට්ටුව සිය එකඟත්වය පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිකුරාදා සන්ධ්‍යාවේ විශේෂ ලිපියක් භාර භාර දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යවන ලද මෙම ලිපිය අනුව සන්ධානයේ නම වෙනස් කිරීමටත් පොහොට්ටුව වෙනුවට පුටුව ලකුණින් තරග කිරීමටත් සිය එකඟතාව පළකර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුව ලකුණින් දැනටමත් ඇප තැන්පත් කර ඇති නිසා නීතිමය බාධාවක් පවතින බැවින් ඒ ගැන මැතිවරණ නීති විශාරදයන්ගෙන් උපදෙස් ගත යුතු බවයි. පවත්නා නීතිමය තත්ත්වය තුළ ඇප තැන්පත් කළ අපේක්ෂකයාට පසුව ඡන්ද ලකුණ වෙනස් කළ හැකිනම් ඒ අනුව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟත්වය පලකර ඇත.

පොහොට්ටුවේ අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සහ නව සන්ධානය යටතේ තරගයට ඉදිරිපත් කිරීමටද පොහොට්ටුව එකඟ බව තවදුරටත් එම ලිපියේ සඳහන්ය. එම නිසා ගිවිසුම සම්බන්ධයෙන් වන දෙපක්ෂයේ යෝජනා කඩිනමින් සලකා බලා ශ්‍රීලනිපය සහ පොහොට්ටුව සන්ධානය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More