දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් තමාගේ අගමැති වන්නේ කවුදැයි රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රශ්න කර සිටියේය.

පසුගිය පස් වසර තුල ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වීම පිළිබඳ විචාර ලියන බටහිර විශ්ලේෂකයින් එයට ප්‍රධාන හේතුව ලෙස දක්වන්නේ ජනාධිපති සහ අගමැති අතර ගැටුමයි. 19 වන සංශෝධනයෙන් අපිට හේරුණ්ඩ පක්ෂියා වගේ ඔළු දෙකේ විධායකයක් හැදුවා. ලෝකයේ ඕනෑම රටක විධායකයට නායකත්වය දෙන්නේ එක්කෝ ජනාධිපති නැතිනම් අගමැති. අපේ රටේ විතරක් ජනාධිපති සහ අගමැති අතර විධායක බලය බෙදා දීලා. ඒ නිසා රටට හරි යන්න නම් මේ දෙන්නා අයියා මල්ලි වගේ ඉන්න ඕනෑ. මේ දෙන්නා අතර විරසකයක් ඇති වුණොත් රටම එක තැන පල් වෙනවා. පසුගිය වසර පහ පුරා ජනාධිපති සහ අගමැති අතර ගැටුමෙන් රටට සිදුවුණු විනාශය අපි දැක්කා.

මේ අභියෝගයට විසඳුමක් ලෙස අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අයියා – මල්ලි වගේ ඉන්න පුළුවන් ජනාධිපති සහ අගමැති අපේක්ෂක දෙන්නෙක් නොවේ. ඇත්තටම අයියයි මල්ලියි දෙන්නෙක්. මේ දෙන්නා ඉතාම සමගියෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් වසර 70ක් කටයුතු කර තිබෙනවා. මහින්ද – ගෝඨාභය සුසංයෝගය වසර දහයක් ඉතාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළා. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට සංර්වධනය කළා.

19 වන සංශෝධනයෙන් පස්සේ සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම තම අගමැති අපේක්ෂකයා නම් කිරීම අත්‍යාවශ්‍යයි. අපි නම් කළාට සජිත් මැතිතුමා තවම තම අගමැති අපේක්ෂකයා නම් කරලා නෑ. ඒ ගැන මාධ්‍ය ඇහුව්වාම ආඳා වගේ ලිස්සලා යනවා. නමුත් මේක රට දැන ගත යුතු වැදගත් කාරණයක්.

සජිත් මැතිතුමාගේ අගමැති අපේක්ෂකයා වෙන්නේ එතුමා සමග නයි මුගටි වෛරයෙන් පෙලෙන වසර දහයක් පක්ෂ නායකත්වයට ගැටුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද? ජිනීවා වල දී රට පාවා දී ලෝක වර්තාවක් තැබූ මංගල සමරවීර මැතිතුමා ද? බදුපති රවි කරුණානායක මැතිතුමා ද? සුවපති රාජිත සේනාරත්න මැතිතුමා ද ? සිංගප්පූරුවට රට විකුණූ මලික් සමරවික්‍රම මැතිතුමා ද? මහ බැංකු මංකොල්ලය සිදු කළ හොරෙක් ද? ගල්අඟුරු ගිල්ල මලකඩ කෑ යකඩ මිනිසා ද? විලපත්තුව විනාශ කළ පාස්කු ත්‍රස්තවාදියා ද? කියන එක ජනතාව දැන ගත යුතුයි. ඒ නිසා තව දුරටත් ලිස්සා යන්නේ නැතුව තම අගමැති අපේක්ෂකයා කවුද කියා රටට කියන මෙන් අපි සජිත් මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More