ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රැස්විමට නියමිතව තිබේ.
පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි ජනාධිපති නිලනිවසේදී මධ්‍යම කාරක සභාව රැස්විමට නියමිතයි.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් සමඟ ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්විම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...