දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ පොදු ලකුණකින් තරඟ කිරීමට එකඟතාවයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණත් සමග සිටින සියලුම වමේ පක්ෂ වල නායකයන් එකඟතාව පළ කර ඇති බව පැවැසූ ඒ මහතා ගොඩ නගන පොදු සන්ධානයේ පොදු ලකුණු ලෙස පුටුව යොදා ගැනීම සඳහා සාකච්ඡා කර ඇති බව සඳහන් කළේය.

ඒ අනුව එම සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණය පළාත් සභා සහ පළාත් පාලන යන සියලු මැතිවරණ එම පොදු ලකුණ යටතේ තරග කරන බව ද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More