රට, ජාතිය, ආගම පිළිබඳව මනා අවබෝධයක් තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්නා බව තමාට විශ්වාස බව ද ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට තම කණ්‌ඩායම සමග එකතු වෙන ලෙස ඇරියුම් කරන බව ද ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විවිධ පක්‌ෂවලින් තවත් විශාල පිරිසක් එක් වෙන බව දැන ගැනීමට ලැබී ඇතැයි ද හෙතෙම කීවේය. සිසිර ජයකොඩි මහතා මෙසේ ද කීවේය.
අද ආණ්‌ඩුවක් තියෙනවාද කියලාත් හොයාගන්න බැහැ. ජනතාව ප්‍රශ්නවලින් මිරිකී සිටිනවා. ඔවුන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ.
කිරිබත්ගොඩ ජනතා නිවාස යෝජනා ක්‍රමයේ පස්‌ටන් හන්දියේ පැවැති ප්‍රචාරක රැස්‌වීමකදී සිසිර ජයකොඩි මහතා එසේ ප්‍රකාශ කළේය.
මෙම රැස්‌වීම අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ශාන්ති කුමුදුනී ඇතුළු පිරිසක් කතා කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...