දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කෑගල්ලේ දී පැවති උත්සව කිහිපයකටම සහභාගි විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරුවේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත පැමිණි අතර එම අවස්ථාවේදී ඔහුට පැමිණ සිටි පිරිසගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණි.

අනතුරුව ඔහු එහිදී ආගමිකවතාවත්වල නිරත වුණි.

පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිමුණ්ඩ දේවාලයෙන් ආශිර්වාද ලබාගත්තේය.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා කෑගල්ල කදිරේෂන් හින්ඳු කෝවිලවෙත පැමිණ ආශිර්වාද ලබාගත්තේය.

පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා කෑගල්ල ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත පැමිණියේය.ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

ඉන් අනතුරුව කෑගල්ල වෑවලදෙණිය රජමහා විහාරයට පැමිණ ආශිර්වාදය ලබා ගත් ඝෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පවසා සිටියේ මහාසංඝරත්නය තමා කෙරෙහි තබා ඇති විශ්වාසයත් දක්වන ආදරයත් අගයමින් බුද්ධාගම රැකගැනීමට සහ එහි උන්නතිය සහදා තම රජයක් යටතේ හැකි සෑම ශක්ති ප්‍රමාණයක්ම යොදවන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More