දේශීය පුවත්

අභියාචනාධිකරණ තීන්දුවෙන් ගෝඨාභය පමණක්‌ නොව මුළු රටම නිදහස්‌ වුණා යෑයි විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.

හිටපු ආරක්‍ෂක ලේකම්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙරට පුරවැසිභාවය අභියෝගයට ලක්‌ කරමින් ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ විභාගයේ තීන්දුව ඊයේ (4 දා) ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය ස්‌ථිර බවට මෙහිදී විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා තවදුරටත් සඳහන් කළේය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මහාචාර්ය ජී. එල්. පීරිස්‌, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරු ඇතුළු දේශපාලනඥයෝ විවිධ අදහස්‌ පළ කළහ. එහිදී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කළේ අංකුර වැඩ නොකර ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමග මුහුණට මුහුණලා සටහනක්‌ කිරීමට ප්‍රතිවාදී අපේක්‍ෂකයා සූQදානම් විය යුතු බවයි.

ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව බොරු වළවල්, කකුල් මාට්‌ටු දැමීමට සමහරු උත්සාහ කළත් එය ව්‍යර්ථ වූ බවද සතුරන්ගේ පරාජය ආරම්භ වූ බවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

හත්වැනිදා සිට මේ රටේ ජනතාවට ගෝඨාභය රාජපක්‍ෂ මහතාව භාර කරන බවද මෙහිදී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More