ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) තීන්දු කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
BREAKING NEWS : ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ගැන පෙත්සම් ඒකමතිකව ප්‍රතික්ෂේප කෙරේ.Watch Here?
Gepostet von Ada Derana 24×7 am Freitag, 4. Oktober 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...