දේශීය පුවත්

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි අඩු කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5ක ගෑස් සිලින්ඩරයක මිලරුපියල් 240කින් අඩු කෙරෙන අතර කිලෝග්‍රැම් 05ක ගැස් සිලින්ඩරයක මිල රුපියල් 95කින්ද, කිලෝග්‍රැම් 2යි දශම 03ක ගෑස්සිලින්ඩරයක මිළ රුපියල් 30කින්ද අඩු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5ක ගෑස්සිලින්ඩරයක නව මිල රුපියල් 1493ක් වෙයි.

කිලෝග්‍රැම් 05ක ගැස් සිලින්ඩරයක නව මිල රුපියල් 598ක්වන අතර කිලෝග්‍රැම් 2යි දශම 03ක ගෑස් සිලින්ඩරයක නව මිළ රුපියල් 289ක් වන බවයිකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අද සිට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම මිළසංශෝධනයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳසැල් හිමියන් සොයා වැටලීම් සිදුකරන ලෙසවිෂය භාර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයට උපදෙස්ලබා දී ඇති බවද සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More