මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහන සදහා සහභාගී වන බව අපේක්ෂකයින් 08 දෙනෙකු නිළ වශයෙන් තහවුරු කර ඇතැයි වාර්තා වේ.
මෙසේ සහභාගිවීම ස්ථිර කළ අපේක්ෂකයන් අතර මෙවර ජනපතිවරණයේ අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක හා රොහාන් පල්ලෙවත්ත යන අයත් සිටීම විශේෂ සිද්ධියකි.
සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා සැලසුම්කර ඇති වැඩසටහන හෙට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
එය පස්වරු 03 සිට පස්වරු 05 දක්වා පැවැත්වෙන බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...