සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් කැබිනට් මණ්ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක් ඇතුලත නව ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඊයේ සවස අනුරාධපුරයේ පැවති විද්වද් හමුවක් අමතමින් පැවසීය ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.
“එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී ව්‍යවස්ථා යෝජනාවලට එකඟයි යනුවෙන් කට්ටියම උඩ දා ගෙන අත ඉස්සුවේ මේකට තමයි. ඔරුමිත්ත නාඩුව හදල දෙන්න. චම්පික රණවකත් ලජ්ජා නැතුව ඇත ඉස්සුවා. ඔය අත ඉස්සුවේ වෙන මොකකටවත් නොවෙයි ඔරුමිත්ත නාඩුව හදන්න කැමතියි කියන්න.
සජිත් ප්‍රේමදාස කියන්නේ බටහිරයන්ගේ බළල් පැටියෙක්. සිරිසේන උන්නැහේ ලව්වා බැරි වෙච්ච නිසා දැන් සජිත් ලව්වා කොස් අට බාවන්නයි හදන්නේ. සිංහල මිනිස්සු සජිත්ට ජන්දේ දෙනවට වඩා හොඳයි සියතින් බෙල්ල කපා ගන්න එක.
සජිත් කියනවා කොන්දේසි නැහැ කියල. අප සජිත්ට අභියෝග කරනවා පුලුවන්නම් කට ඇරලා කියන්න මම ආවොත් ඔරුමිත්ත නාඩුව හදන්නේ නැහැ කියල.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...