ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති වත්මන් හෝමාගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ එරංග වැලිඅංගේ මහතා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කර තිබීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නොසතුටට හේතු වී තිබේ.
වැලිඅංගේ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුතම සමීපතයින් හතර පස් දෙනාගෙන් කෙනෙකි.
තරුණ සේවා සභාවේ සභාපති ධූරයට මෙන්ම ප්‍රදේශයේ ජනප්‍රිය මංජු ශ්‍රී අරංගල මහතා ඉවත් කර හෝමාගම සංවිධායක ධූරය වැලිඅංගේ මහතාට රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන්නේ මේ සමීපකම නිසාය.
මේ වන විට වැලිඅංගේ මහතා හෝමාගම ආසනය පුරා “තරුණ රටකට තරුණ සජිත්” නමින් අති විශාල ප්‍රමාණයේ කටවුට් රැසක් ප්‍රදර්ශණයට තබා තිබේ. වැලිඅංගේ මහතා පාලිත රංගේ බණ්ඩාර මහතාගේ බෑනණුවන් ද වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...