පුරවැසි කොලම

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින හතලිස් තුනකි. ජනාධිපතිවරණ සටන මේ වන විට උණුසුම් වෙමින් පවතී. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මේ වන විට අපේක්ෂකයන් 20 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. මෙම 20 දෙනාගෙන් 10 දෙනෙකු ස්වාධීනව තරග කිරීමට ඇප තැන්පත් කර ඇත.

ශ‍්‍රී ලංකා සමාජවාදී පක්ෂය, අපේ බලය ජනතා පක්ෂය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, නව සිහල උරුමය, ජාතික සංවර්ධන පක්ෂය, ජාතික ජනබල ව්‍යාපාරය යන පක්ෂවලින් ද සාමාජිකයින් ඇප තැන්පත් කර තිබේ. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා

බාරගැනීමේ අවසන් දිනය මේ මස 7 වැනිදාය.

ගෝඨාභයගේ නඩුව

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලූව මේ වන විට අධිකරණයේ විභාගවෙමින් පවතින අතර බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමුව තිබේ. එහි තීරණය කුමක් වුවද ඔහුට එරෙහිව දිගින් දිගටම නඩු විභාග පැවැත්වීම සැලකිල්ලට ගෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ තවත් අයකු ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලීමේ සූදානමක් ද පවතී. මේ සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ.

එජාප සම්මේලනයේදී සජිත්ගේ නාම යෝජනාව රනිල්ගෙන්

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳහා වන විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.

”පරිවර්තනයක ඇරැුඹුම” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂයේ 73 වැනි සමුළුව, එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමැතිවරු රැුසක් ද එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ ද රැුසක් ඊට එක්ව සිටියහ.

මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලෙස නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර, අපේක්ෂකත්වය තහවුරු කිරීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එජාප විශේෂ පක්ෂ සම්මේලනයේදී සිදු කරන ලදී.

පක්ෂයේ මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සම්මේලනයේ යෝජනා ඉදිරිපත් කළ අතර, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම යෝජනා ස්ථිර කළේය.

ශ‍්‍රීලනිපයේ තීරණය?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණත් උත්සාහයක යෙදී සිටිති. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් පවසන්නේ ගෝඨාභයගේ අපේක්ෂකත්වය ගැටලූවක් නැතත් පොහොට්ටු සලකුණ සම්බන්ධයෙන් ගැටලූවක් ඇති බවය. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡුා කීපයක් පවත්වා තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ද එහි අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස, එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් හා කබීර් හෂීම් යන මහත්වරු ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා පවත්වා තිබේ. දයාසිරි ජයසේකර හා ලසන්ත අලගියවන්න යන මහත්වරු ද මේ සාකච්ඡුා සඳහා එක්ව සිටියහ.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අත්සන් තැබිය යුතු ගිවිසුම්වල කෙටුම්පත් එම පක්ෂය වෙත යොමු කළ බවත් ඒ සඳහා ඔවුන්ගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසා තිබේ.

සන්ධාන ව්‍යවස්ථාවට අදාළව එකඟ විය යුතු කරුණු, පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමග අත්සන් කරන ගිවිසුමට ඇතුළත් විය කරුණු මෙම කෙටුම්පත්වල ඇතුළත්ව ඇතැයි ද මන්ත‍්‍රීවරයා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලූ දෙනා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ

ප‍්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී අද දහවල් 12 ට පැවැත්වෙන විශේෂ රැුස්වීමක් සඳහා කැඳවා ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ඇති කර ගැනීමට යෝජිත දේශපාලන සන්ධානය, ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතය.

යෝෂිතගේ විවාහය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන ලූතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය ඊයේ (3* කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි.

යෝෂිත රාජපක්ෂ මහතා විවාහ වූයේ ව්‍යාපාරික ආනන්ද ජයසේකර මහතාගේ දියණිය වන නිතීෂා ජයසේකර මෙනෙවිය සමගය.

වෘත්තියෙන් නාවික හමුදා ලූතිනන්වරයකු වන යෝෂිත රාජපක්ෂ මහතා තාවකාලික ලූතිනන් කමාන්ඩර් නිලයට උසස් කර නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබේ.

ඒ මහතාගේ සමකාලීනයින් දැනට ලූතිනන් කමාන්ඩර් ස්ථිර නිලයට උසස් කර ඇති හෙයින් යෝෂිත රාජපක්ෂ මහතා තාවකාලිකව එම නිලයේ පිහිටුවා ඇති අතර ඉදිරියේ එම නිලය සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපිරීමෙන් පසුව ඒ මහතා ස්ථිර ලූතිනන් කමාන්ඩර් නිලයේ පිහිටුවීමට නියමිතය.

2016 දී යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය අත්හිටුවන ලද අතර යෝෂිත රාජපක්ෂ මහතාට ඇති චෝදනා ඔප්පු වී නොමැති හෙයින් ඒ මහතා යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවන ලෙසට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් පසුගියදා නාවික හමුදාපතිවරයා වෙත සිදු කළ දැනුම්දීමකට අනුව නාවික හමුදාපතිවරයා විසින් 2016.02.28 දින සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ මහතා යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවා තිබුණි.

අතුරු සම්මත ගිණුමක්

ලබන වසරේ මුල් මාස හතරේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී තිබිණි.

ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් මේ වසරේ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබිණි.

අයවැය වෙනුවට ලබන මුල් මාස හතරේ වියදම් පියවා ගැනීම සඳහා මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

වර්ජකයන්ට සහන

වැඩ වර්ජන නිසා රටම නතර වී තිබේ. කෙසේ වෙතත් රජය ඇතැම් ඉල්ලීම් ලබාදෙමින් වැඩ වර්ජන නැවත්වීමට උත්සහ ගැනීම දක්නට ලැබිණි. කෙසේ වෙතත් මෙයින් සිදුවන්නේ තවදුරටත් වැටුප් විෂමතා වර්ධනය වීමය.

ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000 ක පොදු දීමනාවක් ගෙවීමටත්, යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට රණවිරු මූලික වැටුප විශ‍්‍රාම වැටුපක් ලෙසින් ගෙවීමටත්, ගුරුවරුන්ගේ හා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් විෂමතා විසඳීමටත් රජය තීරණය කර තිබේ. එසේම දුම්රිය සේවය සංවෘත සේවයක් කිරීමට ද රජය තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු දැක්වීම

නව හමුදාපතිවරයා ලෙස ශවීන්ද්‍ර සිල්වා පත් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විශාල විරෝධයක් පළ කිරීමෙන් නොනැවතී සාමසාධක කටයුතු සඳහා ශ‍්‍රී ලංකා සෙබළුන් සම්බන්ධ කර ගැනීමට ද බාධා පමුණුවා තිබේ.

ඊට එරෙහිව හඬ නගමින් ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ එක්සත් ජාතීන්ගේ 74 වැනි මහ මණ්ඩල සැසිය අමතමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට ශ‍්‍රී ලංකා හමුදා ලබා දී තිබෙන දීර්ඝකාලීන දායකත්වය අවහිර නොකළ යුතු බව පවසා තිබේ.

ශ‍්‍රී ලංකාව ගෝලීය සාමයට සහ ආරක්ෂාව උදෙසා අඛණ්ඩව කැපවී සිටින බවත් වඩාත් සාමකාමී සහ සුරක්ෂිත ලෝකයක් උදෙසා ශ‍්‍රී ලංකාව ලබාදෙන දායකත්වය සුරක්ෂිත කරන බවත් කී රවිනාථ ආරියසිංහ මහතා ශ‍්‍රී ලංකාව 1960 වසරේ සිට එක්සත් ජාතීන්ගේ

සාම සාධක මෙහෙයුම්වලට දායකත්වය දක්වන බවත් ගැටුම් සහ ත‍්‍රස්තවාදී කණ්ඩායම් පාලනය කිරීමේ දී ශ‍්‍රී ලංකා හමුදාව සතුව ඇති අත්දැකීම්, ප‍්‍රවීණත්වය සහ විශේෂඥතාව සමාන වන්නේ රටවල් අතළොස්සක් බවත් පැවසීය.

දේශගුණික විපර්යාස, එක්සත් ජාතීන්ගේ තිරසර ඉලක්ක සහ අරමුණු, ගුණාත්මක අධ්‍යාපනය, බහුපාර්ශ්වීය සබඳතා සහ බහුපාර්ශ්වීයවාදයට තිබෙන අභියෝග, නිරායුධකරණය, සාම සාධක මෙහෙයුම්, පලස්තීන අර්බුදය, සංවර්ධනය සහ සාමය, ත‍්‍රස්තවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් සහ සංහිඳියාව යන කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලේකම්වරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් පසුව ‘ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම’ සහ ‘මානව හිමිකම් ආරක්ෂා කිරීම’ එකිනෙක සම සමව සිදු කළ යුතුය යන පාඩම අප උගත් බවත් එකක් වෙනුවෙන් අනෙක මඟ හැරිය නොහැකි බවත් වැඩිදුරටත් පැවැසීය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More