ජනාධිපතිවරණයට අදාළව ‘පොහොට්ටුව’ ලාංඡනය වෙනස් කිරීමට නීතිමය බාධාවක් පවතින්නේ ද නැද්ද යන්න පිළිබඳව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙන්නේ පක්ෂයක් හරහා බව ද එම පක්ෂයේ ලාංඡනය වෙනස් කිරීමට ගොස් නීතිමය බාධාවක් ඇති කර ඔහුගේ අපේක්ෂකත්වය ප‍්‍රතික්ෂේප කරවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකරන බව ද අමරවීර මහතා ඊයේ (3 දා) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.
සන්ධාන ගොඩනැඟීමේදී මෙතෙක් සෑම පක්ෂයක්ම පාහේ සිදු කළේ පොදු ලාංඡනයක් හරහා මැතිවරණයට ඉදිරිපත් වීම බවත් ඒ තුළින් විශාල ජයග‍්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ බවත් අමරවීර මහතා කීවේය.
පොදුජන පෙරමුණ සමඟ ඇති කර ගැනීමට නියමිත සන්ධානය ඉතා සුබවාදී ලෙස අවසන් කිරීමට ශී‍්‍රලනිපය සූදානම් බව ද කී අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ගිවිසුමකට එළැඹීමට නියමිත බව ද කීවේය.
යම් හෙයකින් පවත්වන සාකච්ඡාවලදී එකඟතාවට පැමිණීමට හැකි වුවහොත් අද සිටම ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ද සමරවීර මහතා සඳහන් කළේය.
එසේ නොමැති වුවහොත් පක්ෂයක් ලෙස නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගන්නා තීන්දුව ලබන 5 වැනිදා පවත්වනු ලබන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...