දුම්රිය සේවාව ඊයේ (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසීය.
දුම්රිය සංගම් කීපයක් අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීම නිසා මගීන්ට දිගින් දිගටම සිදුවන අපහසුතා වැළැක්වීමට රජය විසින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත.
එමෙන්ම දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය යෙදවීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඊයේ (03 වැනිදා) පැවසීය.
කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන සෑම දුම්රියකටම පොලිස් ආරක්ෂාව ලබාදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
දුම්රිය සේවකයන්ගේ ශ්‍රේණි විෂමතා ගැටලුව විසඳන බවට රජය පොරොන්දු වන්නේ නම් සේවයට වාර්තා කිරීමට සූදානම් බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න පවසයි.
සේවයට වාර්තා කිරීමට කැමති වූවත් සේවය අතහැර ගියාසේ සලකා නියෝග නිකුත් කිරීම නිසා රාජකාරියට වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ කීවේය.
මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට අදට (04 වැනිදා) දින නවයක් (09) වන අතර, වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ලබා ඇති පාඩුව දළ වශයෙන් රුපියල් මිලියන එකසිය තිස් හයකි.
දුම්රිය ඉංජිනේරුවන් යොදවා දුම්රිය ධාවනය කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවද ඊයේ (03 වැනිදා) දිනයේ ධාවනය වූයේ දුම්රිය කීපයක් පමණි.
සේවය අතහැර ගිය බවට ලිපි ලියාපදිංචි තැපෑලෙන් යවා ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබූවද, එම ලිපි තමන්ට නොලැබුණු බවද ඔහු කීවේය. ෙම් අතර දුම්රිය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වර්ධකය කිසි ලෙසකින්වත් ලබා දිය නොහැකි බව ජනමාධ්‍ය සහ මුදල් ඇමැති මංගල සමරවීර ඊයේ (03 වැනිදා) කියා සිටියේය.
හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (03 වැනිදා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩවර්ජන රැල්ලක් කියමින් දුම්රිය සේවකයන් වැඩවර්ජනයක නිරත වෙනවා. ඒ වර්ජනයේ ඔවුන් ඉල්ලන ඉල්ලීම 100%ක්ම අසාධාරණයි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා ජනාධිපති කොමිසම පත් කළේම ඔවුන්ගේ මීට කලින් තිබුණ වර්ජනය නිසාමයි. එම කොමිසමේ නිර්දේශ මත රාජ්‍ය සේවක වැටුප 107%කින් වැඩි වුණා. ලබන වසරේ ජනවාරි මස ඉඳලා පඩි වැඩි වෙනවා. වෙනත් කිසිදු පඩි වැඩි වීමක් සිදු කරන්න බැහැ යැයිද ඇමැතිවරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...