දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම සළකා බැලීම හෙට උදෑසන 9.30 දක්වා කල් දමා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම අද දෙවන දිනටත් එහි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය පිළිබඳ සහතිකයට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්සන් කර තිබුණද  අස්සන් කළ දිනය වන විට ඔහුට ඒ සඳහා බලයක් නොතිබූ බවයි.

කෙසේවෙතත් යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණහොත් එම අමාත්‍යවරයා සතු බලතල විධායක ජනාධිපතිවරයාට පැවරෙන බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

පෙත්සම අද දෙවන දිනට සළකා බැලීම  පස්වරු 1.45ට පමණ ආරම්භ වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More