දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් හා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(03) රාත්‍රියේ පැවැත් විමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර හා ලසන්ත අලගියවන්න මහත්වරුන් අද මෙම හමුවට එක්වනු ඇත.

මේ අතර අද කොළඹ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසා සිටියේ ද අද සවස ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මෙතෙක් සාකච්ඡාවට ගැණුනේ ප්‍රතිපත්තිමය කරුණු වන බවත් පැවසු අමරවීර මහතා, කලින් එකඟතාවයේ තිබුණත් මෙවර නව මැතිවරණ ක්‍රමයක් ගැන ද යෝජනා කළ බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More