දේශීය පුවත්

සිංහල ජාතික පුරුෂයෙකු සමග විවාහ වීම හේතුවෙන්, ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ “අබ්දුල් හසන් ෆාතුමා හයිෆා” නැමති කාන්තාව විසින් බණ්ඩාරගම පොලිසියට සිදු කළ පැමිණිලි මත පානදුර අධිකරණයේ විභාගවන B 64499/19 දරණ නඩුව ඊයේ(2) දින යලි කැඳවීය.

පෙරේදා (1) තවත් සැකකරුවන් දස දෙනෙකු පමණ මිරිහාන විශේෂ අපරාධ ඒකකයට බාර වීමෙන් පසුව ඊයේ(2) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. මෙම නඩුවට අදාලව තවත් සැකකරුවන් 4 දෙනෙකු අධිකරණය මග හරිමින් සිටියි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස සහ නීතිඥ සංජය මාරබේ පෙනී සිටින ලදි.

මෙම නඩුවට අදාලව මීට ඉහතදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අනෙකුත් සැකකරුවන් ප්‍රදේශයෙන් පලා යාම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව එම අවස්ථාවේදී බණ්ඩාරගම පොලීසිය අධිකරණයට දැන්වීය. කෙසේවෙතත් බණ්ඩාරගම පොලිසිය විසින් සිදුකරන පරීක්ෂණවල අපක්ෂපාතිත්වය පිළිබඳව මතුවූ ගැටළු හේතුවෙන් මෙම අපරාධයේ පරීක්ෂණ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට මාරු කර යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More