යුද්ධය පවතින කාලයේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න නොකළ අය දැන් ප්‍රශ්න කරන්නේ ඇයි දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ඊයේ (2 වැනිදා) ප්‍රශ්න කළේය.
කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රශ්න කළේ මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ඔහු ප්‍රශ්න කළේ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙනි.
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පුරවැසියකු බව තමන් අනිවාර්යයෙන්ම පිළිගන්නා බවත් එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඔහු නම් නොකරන බවත් මන්ත්‍රීවරයා කීවේය. කොහෙවත් යන දෙදෙනෙක් අධිකරණයට ගිය පලියට කිසිවෙක් කලබල විය යුතු නැහැ’ යැයිද වීරකුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...