වත්මන් රජයේ අමාත්‍යවරුන් සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ආදීන් අරලියගහ මන්දිරයට රැස්වී ගෝඨාභය රාජපක්ෂ මහතා නීතියට පිටින් අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ අන්දම හිටපු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් විසින් හෙළිකිරීම කතාබහට ලක්විය.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය චාන්ද්‍රානි බණ්ඩාර පසුගියදා සදහන් කළේ එම හේතුව නිසා සුහද ගම්ලත් මහතා වර්තමානයේ දරනා වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි.
කෙසේ වෙතත් සුහද ගම්ලත් දේශපාලන බලපෑම් හේතුවෙන් සිය තනතුරින් ඉල්ලා අස් වීම ප්‍රතික්ෂේප කරන බවට ආරංචි මාර්ග සදහන් කරයි.
වරදක් කර නොමැති තමන් දේශපාලන බලපෑම් හේතුවෙන් කිසිඳු අවස්තාවක තනතුරින් ඉල්ලා අස් වන්නේ නොමැති බවට ස්ථාවරයක ඒ මහතා සිටිනා බවද වාර්තා වේ.
වත්මන් රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නීති විරෝධි ලෙස සිය බලය භාවිතා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කළ අයුරු සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වී සුහද ගම්ලත් මින්පෙර හෙළිකළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පාඨලී චම්පික රණවක තමන්ගේ නියම “පාට” රටට එළිවුන හින්දා හිරු නාලිකාවට තර්ජනය කරලා තමන් ගේ “තගරිය” ත් පෙන්නුවා. මේ වගේ කපටි, අමු අමුවේ බොරු කියන (“විද්‍යාත්මක” කසල අංගනය!) thug කෙනෙක් ජනතාව ආයිමත් පත් කර ගනීද?
මේ “සූදූ උස හාදයා ” කියපු කරපු තව මොනවා නම් එළිවෙන්න තියෙනවද?