දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකු වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනි සේවය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීම දැඩි ලෙස විවේචනයට ලක් කොට තිබේ.

බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ තිස් වසරක සාපරාධී යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවෙකු නොව රණකාමී විරවරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා බව එම නාලිකාවේ විකාශය විය.

කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු එය අමතක නොකරන බවද එහි සඳහන් වේ.

චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ උසාවි ගොස් ඇත්තේ එවන් උදාරතර රණ කාමියෙකුට විරුද්ධව බවද එහිදී ප්‍රකාශ විය.

ඉදිරිදි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කල යුත්තේ උපන් බිම රකින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරද, එසේ නැත්තනම් මුදල් වලට යටපත් වී උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන සංවිධාන මුල් කර ගත් කඳවුර දැයි තීරණය කළ යුතු යැයි එහිදී සඳහන් කෙරිණි.

මෙම කරුණු TNL රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්..

Gepostet von රත්තරන් අපේක්ෂකයා am Dienstag, 1. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More