පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු වරදක් සිදු කර නොමැති බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බවත් මෙම පෙත්සම්කරුවන් ස්වාධීන මැතිවරණ කොමිසමට යායුතු පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමුකිරීම ප්‍රබල ගැටළුවක් බවත් හිටපු අගනිවිසුරු සරත් එන් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ලේඛන නිවැරදිව සම්පූර්ණ කර තිබෙන බවත් දේශපාලන පළිගැනීමේ උවමනාවට මේ පෙත්සම්කරුවන් කුමන හෝ පාර්ශවයකින් හසුරුවන බව ද සාරත් එන් ද සිල්වා මහතා පෙන්වා දෙයි.
යම් පුද්ගලයෙකුගේ නාමයෝජනා සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා නම් ස්වාධීන මැතිවරණ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය හැක්කේ කරුණු දෙකක් පමණක් බවද විනිසුරුවරයා පෙන්වා දෙයි. යම් කෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි වී තිබෙනවාද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් සිදු කිරීමට හැකි බවත් ඊට අමතරව යම් පුද්ගලයෙකු වසර දෙකකට නොවැඩි සිර දඩුවමකට ලක් වී මාස හයකට වැඩි කාලයක් සිර දඩුවම් ලබා තිබෙනවා නම් එය ද ස්වාධීන මැතිවරණ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණය විමසිය හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...