දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති ලෙස පත්වුවහොත් දෙමළ ජනතාවට වාසි අත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් පවසයි.

විග්නේෂ්වරන් නායකත්වය දරන දෙමළ මහජන සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක්  මගින් ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීම සෑම අතින්ම දෙමළ ජනතාවට වාසිගත කාරණයක් වන බවයි.

ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ගෙනහැර දක්වමින් විග්නේෂ්වරන් පවසන්නේ ගෝඨ‍ා ජයගැනීම මගින් දෙමළ ජනතාවට වක්‍රාකාරව වාසි ගෙන දෙන බවකි.

ගෝඨාභය ජනාධිපති ලෙස පත්වුවහොත් මහින්ද රාජපක්ෂ ගෙන ගියා සේ චීනය සමග ඉතා මිත්‍රශීලී සබඳතාවක් ගොඩනගා ගනු ඇත. චීනය සමග ගෝඨාභය සහයෝගී වන තරමටම ඇමෙරිකාව හා ඉන්දියාව ගෝඨාභයගේ ක්‍රියාවන් වෙනුවෙන් විරුද්ධවීම සිදුවේ. ඒ මත ජාත්‍යන්තරයේදී ඇමරිකාවේ හා ඉන්දියාවේ උපකාරය ලබමින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන බව විග්නේෂ්වරන් දක්වන එක කාරණයකි.

එලෙසම දෙවැනි කාරණාව වන්නේ ඇමෙරිකානු පුරවැසියකු ලෙස කටයුතු කළ ගෝඨාභය ඇමෙරිකාවේ සැඟවුණු සැලසුමක් අනුව ක්‍රියා කොට මෙරට ජනාධිපති ලෙස පත්වුවහොත් ඇමෙරිකානු රජය දෙමළ ජනතාව වෙනුවෙන් දක්වන හිතවත්කම මත මෙරට දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාගැනීමට හැකියාවක් පවතී යන්නයි.

කුමන හෝ ආකාරයකින් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුවහොත් තමන් අපේක්ෂා කරන ආකාර දෙකින් එකක් සිදුවීමට නියමිත බැවින් ගෝඨාභය බලයට පැමිණීම දෙමළ ජනතාවට වක්‍රාකාරව වාසියක් වන බව විග්නේෂ්වරන්ගේ අදහස වෙයි.

එබැවින් දෙමළ ජනතාව තමන්ගේ අරමුණු දිනා ගැනීම වෙනුවෙන් ගැටලුවේ මතුපිට පමණක් නොබලා ගැටලුව නිසි ලෙස අවධාරණය කොටගෙන සිය ඡන්දය භාවිත කළ යුතු බව ඔහු පවසයි.

දේශීය ක්‍රියාවලියක් හරහා කිසිදු ආකාරයකට දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් සාධාරණ විසඳුමක් නොලැබෙන අතර, ජාත්‍යන්තර මැදිහත්වීම මත පමණක් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලැබෙනු ඇත. එබැවින් ජාත්‍යන්තරයේ වැදගත්කම සලකා දෙමළ ජනතාවගේ කැමැත්ත ජනාධිපතිවරණයේදී පළ කළ යුතු බව විග්නේෂ්වරන් අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ හා දේශීයත්වයට මූලිකත්වය දී කටයුතු කරන අනෙකුත් අපේක්ෂකයන් සැලකිල්ලට ගැනීමේදී අදාළ පිරිස් වෙත ජාත්‍යන්තරයට බලපෑමක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලිව දක්නට ලැබෙන බවද විග්නේෂ්වරන් ප්‍රකාශ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More