දේශීය පුවත්

ජනාධිපති ධුර අපේක්ෂකයන් තමන් හමුවී සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර ඇත.

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ විධිමත්ව සිදුනොවන බව පවසමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ ජනාධිපති ධුර අපේක්ෂකයන් හමුවීමට තම සූදානමක් නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇතුළු අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන් කළ ඉල්ලීම් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගෙන් විමසීමකදී මේ බව තහවුරු කළේය.

මේ අතර මැතිවරණ කාලසීමාව තුළදී දිවයින පුරා දේවස්ථානවලට පූර්ණ ආරක්ෂාව ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More