දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්වාධීන තීන්දුවක් ලබා ගැනීම සඳහා අවකාශය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කළ සන්ධාන නිර්දේශ ඇතුළත් ලියවිල්ල සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමේ ලිපිය ඊයේ (01 වැනිදා) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යොමුකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහාය හිමිවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙවැනි ලිපිය යොමුකර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් වෙතයි. එම ලිපියට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සන්ධානගත වීම සඳහා සකස් කළ අවබෝධතා ගිවිසුමට ඇතුළත් කළ නිර්දේශ සුළු වශයෙන් සංශෝධනය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වුවහොත් සාමාජිකයන් 100 කින් යුතු විධායක සභාවක් ස්ථාපිත කෙරේ. එම විධායක සභාවේ සාමාජිකයන් 51 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද, සාමාජිකයන් 31 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද සෙසු සාමාජිකයන් සාමාජික පක්ෂවලින්ද තෝරා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇත.

සන්ධානයේ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇත. සන්ධානයකදී බිහිවන රජයක් මගින් ඇමැති තනතුරු බෙදා ගැනීම, රජය පවත්වාගෙන යාම පිළිබඳවද එම ලිපියෙන් අවධාරණය කර තිබේ. පොදු ලාංඡනයක් යටතේ සන්ධානගත විය යුතු අතර ‘‘පොහොට්ටුව’’ ලකුණ යටතේ සන්ධානගත විය නොහැකි බව ලිපියේ දක්වා ඇත. ලකුණ වෙනස් නොවුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති අතර සෙසු සාමාජිකයන්ට ස්වාධීන තීන්දුවක් ලබා ගැනීමට අවසරය හිමි වෙයි.

සන්ධානගත වීමේදී ‘‘පොහොට්ටුව’’ සලකුණ වෙනස් කිරීම පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමටද නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන නියෝජිතයන් එක්දහස් එකසියයක් (1100) සිටින අතර ඔවුන්ගේ බහුතර මතය වී ඇත්තේ සන්ධානගත වීමේදී පොදු ලකුණක් කෙරෙහි අවධානය යොමු විය යුතු බවයි.

යම් හෙයකින් පොදු ලකුණක් යටතේ සන්ධානගත වුවහොත් ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උතුරු නැගෙනහිර ජනාධිපතිවරණ සටන මෙහෙයවීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පැවරීමටද අවධානය යොමුව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More