දේශීය පුවත්

පක්ෂයේ විනය කඩකිරීම නිසා පක්ෂ සාමාජිකත්වය තහනම් කළ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනා (05) දින 14 ක කාලයක් තුල විනය කමිටුව ඉදිරියේ පෙනී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

එහිදී ඔවුන්ට නිදහසට කරුණු ඉදිරිපත් කල හැකි බවත් එම කරුණු දැක්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අද (01 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.

වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම යටතේ එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, එච්.එම්. ෆවුසි, විජිත් විජිතමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කල බවද පවසා සිටියේය.

මුලින්ම නිදහසට කරුණු විමසා දින 07 ක කාලයක් ලබාදුන් බවත් ඔවුන් ලබාදුන් නිදහසට කරුණු දැක්වීම පිළිගත නොහැකි යූ බවත් මේ නිසා විනය කමිටුව ඉදිරියට පැමිණෙන ලෙසට ලිපි මගින් දැන්වූ බවද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More