දේශීය පුවත්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසයි. දෙපාර්ශවය අතර ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මේ බව සඳහන් කළේය.

ඒ, බත්තරමුල්ලේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ඉදිරියේදී ලකුණ වෙනස් වෙන්න පුළුවන්ද යනුවෙනි.

ඊට පිළිතුරු දුන් බැසිල් රාජපක්‍ෂ සඳහන් කළේ “ඒක සාකච්ඡාවලදි කෙරෙන්න ඕන එකක්. රට සුරක්ෂිත කර ගැනීමට ගතහැකි ඕනෑම පියවරක් අපි ගන්න සූදානම්.” යනුවෙනි.

එහිදී මාධ්‍යවේදීන් යළි ප්‍රශ්න කළේ ශ්‍රීලනිපය සමග සන්ධානගතවීම සඳහා ලකුණත් ඕනෙන්ම වෙනස් කළ හැකිද යන්නයි.

ඊටද පිළිතුරු දෙමින් බැසිල් රාජපක්‍ෂ සඳහන් කළේ “නෑ ඉතින් බැරි දෙයක් නෑ නේ.. පුළුවන් දේවල් කරනවා” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More