පුරවැසි කොලම

මාපිය උපස්ථානය අනාදිමත් කාලයක සිටම අප සංස්කෘතියේ සුවිශේෂී අංගයක්ව පවතින පිළිවෙතකි. මාපියන් ඇතුළු වැඩිහිටියන්ට සැලකීම කෙතරම් උතුම් ක‍්‍රියාවක් ද යන්න බුදුන් වහන්සේ පවා දේශනා කර තිබේ. මේ සා උතුම් ක‍්‍රියාවක් ඈත අතීතයේ සිට ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකාවේ දැනට වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි නිවාස 306 ක් ක‍්‍රියාත්මකව පවතින බව ඇසීම ද පුදුමයට කරුණකි. වැඩිහිටියන් යනු අපට කිසිසේත් නොසලකා හැරිය නොහැකි අය බව අප විසින් මුලින් අවබෝධ කර ගත යුතුව ඇත.

මෙරට සෞඛ්‍ය සේවාව ප‍්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ සිට දියුණුවට පත් වීමත් සමගම මේ වනවිට ශ‍්‍රී ලාංකිකයෙකුගේ ආයු අපේක්ෂාව ද දියුණු රටවලට සමාන අයුරින් ඉහළ ගොස් තිබේ. මේ අනුව මෙරට කාන්තාවකගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වර්තමානයේ පවතිනුයේ අවුරුදු 78.3 ක් වශයෙන් වන අතර පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව 71.6 කි. මෙම අගයන් ඉදිරි වසරවලදී තවත් වැඩි වන බවට ප‍්‍රකාශ වී ඇති නිසා රජයට වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වාතාවරණයක් උද්ගතව තිබේ. දැනට මෙරට සිටින වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය ලක්ෂ 25 ක් බව අනාවරණය වී ඇති අතර එම වැඩිහිටි ජනගහනය වසර 2050 වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 29 ක් දක්වා වර්ධනය වනු ඇති බව ශ‍්‍රී ලංකා වෘද්ධ වෛද්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

මෙරට ආයූ අපේක්ෂාව ඉහළ මටටමක පැවතිය ද රටේ වැඩි වෙමින් පවතින වැඩිහිටි ජනගහනයට සෞඛ්‍ය ගැටලූ රැුසකට මුහුණ පෑමට සිදුව තිබීම නිසා ඔවුන්ගේ එම සෞඛ්‍ය ගැටලූවලට පිළිතුරු ලැබෙන සේ රටේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කළ යුතු බවත් මෙහිදී වැඩිහිටියන් සෞඛ්‍ය සම්පන්නව වියපත් වීම වැදගත් බව වෛද්‍ය ගුණරත්න මහත්මිය කීවාය. මෙහිදී වඩාත් වැදගත් වනුයේ දීර්ඝ කාලීන රෝග තත්ත්වයන් එනම් දියවැඩියාව, හෘද රෝග, පිළිකාවන් වැනි රෝග කලින් හඳුනාගෙන ප‍්‍රතිකාර ලබා දීමට පියවර ගැනීමයි.

වයස්ගත වීමේදී ශරීරයේ අවයව හා පද්ධතීන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ හැකියාව ඉහළ යන අතර අවසානයේදී පුද්ගලයාගේ මරණය සිදු වේ. කෙසේ වුවද මෙම ක‍්‍රියාවලිය සිදු වීමේ වේගය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය . මෙහිදී ඇතැමෙක් අඩු වයසකදී දුර්වල වන අතර සමහරෙක් වියපත් වුව ද කිසිඳු දුබලතාවයකින් තොරව ඇතැම් විට තරුණ ප‍්‍රජාවටත් වඩා සෞඛ්‍ය සම්පන්නව වයස අවුරුදු 100 ක් හෝ එයට වඩා වැඩි කාලයක් ජීවත් වේ. මෙම තත්ත්වය මිනිස් සිරුර තුළ සිදුවන විද්‍යාත්මක වෙනස්වීම්, පරිසර තත්ත්වයන්, පුද්ගලයන්ගේ දිගුකාලීන හැසිරීම් රටා හා ජානමය තත්ත්වයන් යන විවිධ සාධක මත තීරණය වේ.

මෙහිදී වැදගත් වනුයේ මෙම නිරෝගී වැඩිහිටියන්ගේ සේවය ඵලදායි අයුරින් රටට හා සමාජයට ලබා ගත හැකි ප‍්‍රතිපත්තියක් සැකසීමයි. වයස්ගතවත්ම විශ‍්‍රාම යැවීමට වඩා එම පුද්ගලයාගේ කාර්යයන් සිදු කිරීමේ හැකියාව, දක්ෂතාවය සලකා බලා ඔවුනටද රටට තවත් කාලයක් සේවය කිරීමට අවස්ථාව සලසා දිය යුතුය.

අනෙක් අතට වැඩිහිටි ජනගහනයේ සේවය රටේ ආර්ථිකයට එක් කර ගන්නා අතරම ඔවුනට සිය පවුල තුළදීම සෞඛ්‍ය සම්පන්නව වියපත් වීමට අවස්ථාව ලබා දිය යුතුය. මෙහිදී ¥ දරුවන් සිය දෙමවුපියන් තමන් සමගම මිසක වැඩිහිටි නිවාසවල වියපත් වීමට ඉඩ ලබා නොදෙන ලෙස ඔවුන්ගේ මනස සකස් කරලීම කළ යුතුය. මේ පිළිබඳ අවබෝධය ළමුන්ට කුඩා කාලයේ සිට පාසලින් හා ආගමික ස්ථානවලින් ලබා දීමට පියවර ගන්නේ නම් කිසිදු දරුවෙකු තම දෙමවුපියන් වියපත් වූ විට වැඩිහිටි නිවාසවල හෝ මහමග දමා නොයනු ඇත. මෙහිදී අවැසි වනුයේ ආකල්පමය වෙනසක් සමාජයේ ළමා හා තරුණ පිරිස් අතර ඇති කිරීමයි.

අනෙක් අතට දියුණු රටවල වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට රක්ෂණ පහසුකම් පවා ඇතත් මෙරට වයස අවුරුදු 70 න් පසු වැඩිහිටියන්ට රක්ෂණ වරම් හිමි කර නොදීම කනගාටුවට කරුණකි. මේ කෙරෙහි ද සිය අවධානය යොමුව ඇතැයි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයෙකු වන එම්. කේ ක‍්‍රිෂාන්ත පසුගියදා කොළඹ ජාතික රෝහලේ පැවති ලෝක වැඩිහිටි දිනය පිළිබඳ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

වැඩිහිටියන් නිරෝගීව වියපත් වන්නේ නම් ඔවුන්ගේ සේවාව සිය පවුල්වලට පමණක් නොව රටේ ආර්ථිකයට ද ලබා ගැනීමට කටයුතු කිරීම මෙහිදී අවශ්‍ය වේ. එසේම වැඩිහිටියන්ව තනි නොකර නිසි කලට රෝග සායනයන්ට හා රෝග පරීක්ෂාවන්ට රැුගෙන යෑමට ඔවුන්ගේ ¥ දරුවන් පියවර ගත යුතු අතර ඔවුන්ව කිසි විටක මානසිකව පහළට ඇද දමමින් විවේචනය කිරීම නොකළ යුතුය.

එවැනි තත්ත්වයන් නොමැති විටක වැඩිහිටියන්ට තමන්ට රිසි සේ කාලය ගත කිරීමටත් ඔවුන් කැමති ක‍්‍රියාකාරකම්වල යෙදීමටත් අවස්ථාව ලැබෙනු ඇත. එසේ මානසික දුබලතාවකින් තොරව ඔවුන්ට වියපත් වීමට සැලැස්වීම යනු කායිකව ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි පිරිසක් බිහි කිරීමට අඩිතාලම දැමීමකි.

අද (01 දා) ලෝක වැඩිහිටි දිනයයි. මෙම දිනය තුළ ලොවට පෙනෙන්නට සංදර්ශන පවත්වමින් අද දිනය තුළ පමණක් වැඩිහිටියන්ට සැලකීමෙන් රටට හෝ එම වැඩිහිටියන්ට කිසිදු ඵලක් ඇති නොවේ. සැබවින්ම විය යුත්තේ නිරෝගී වැඩිහිටියන් පිරිසක් පවුල තුළම වැඩෙන පරිසරයක් නිර්මාණය කිරීමයි. මෙවැනි තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා ජනතාව බුදු දහම හරහා පෙළගැස්වීම සඳහා ගරුතර මහා සංඝරත්නයේ දායකත්වය ලබා හත හැකිය.

ඒමන්ති මාරඹේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More