Notice Board

ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වන්නේ “සුමිතුරු දැයකින්-දිනවමු දරුවන්” යන්නයි.

‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය හා‍ ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර‍ ලෙස හැඳී වැ‍‍ඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත බවයි.

දැනුම, කුසලතා හා යහපත් සාරධර්මයන් ගෙන් සපිරි වෙනස් වන සමාජ ආර්ථික අවශ්‍යතාවන්ට මනා ලෙස ගැළපෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ඵලදායි ළමා පරපුරක් බිහි කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එහෙයින් රජයක් වශයෙන් හා වැඩිහියන් ලෙස ළමයින් හට වඩා සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨානයෙන් කැපවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මෙවර ළමා දින තේමාව තුළින් යහපත් ඉසව්වක් කරා දරුවන් රැගෙන යෑම බලාපොරොත්තුව වන බවත් සඳහන් කර සිටින ජනාධිපතිවරයා, ඒ සඳහා දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඇතුළු ළමයින‍්ගේ ආරක්ෂාව, රැකවරණය හා සංවර්ධනය තහවුරු කරන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් පවසා සිටියි.

මේ අතර ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More